Posted on 02.20.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායම විසින් සිය නිරීක්ෂණ වාර්තාව අද(20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙරටට ලබාදීමට නියමිත ණය වාරික සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආර්ථිකය සහ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව නිරීක්ෂනය කරමින් වාර්තාවක් සකස් කර ඇත. ඔවුන් පසුගිය 18 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කළ අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ද මුණගැසී සාකච්ඡා කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පස්වැනි ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් මෙම නියෝජිතයන්ගේ නිරික්ෂණ උපයෝගි කරගනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ වන විට මෙරටට ලබාදීමට නියමිත ණය මුදලේ වාරික 4ක් ලබාදී ඇති අතර පස්වන වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබාදීමට සැලසුම් කර තිබුණි. කෙසේවෙතත් ඔක්තෝබරයේ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් එය ගෙවීම තාවකාලිකව නතර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීන්දු කළේය.
කෙසේවෙතත්, ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ණය මුදල මෙරටට ලබාගැනීමට සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.