தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ණය ගෙවීමේ කාලය වසරකින් දිගුකිරීමට සදහා ජා.මු.අ. එකග වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය ගෙවීමේ කාලය වසරකින් දිගුකිරීමට සදහා ජා.මු.අ. එකග වේ!



ලංකාවේ ඉල්ලීම පරිදි තුන් අවුරුදු විස්තීර්ණ ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ.

2016 අත්සන් කළ එකගතා මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණයක් අනුමත කළ අතර එහි ගෙවීම් කාලසීමාව 2020 ලෙස නියම කරන ලදී. එහෙත් ජා.මු.අ. නියෝජිත මැනුඑලා ගොරතිගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පෙබරවාරි 14-28 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ණය සම්බන්ධව පස්වන සමාලෝචනය සිදුකරන ලදී. මේ අතර ආණ්ඩුව විසින් දැනට මුහුණ දී ඇති දේශපාලන අර්බුදය සහ විශේෂයෙන් මැතිවරණ වසර තුළ අයවැයෙන් සහන ලබාදීම යන කාරණා මත ණය ගෙවීමේ දුෂ්කරතාව නිසා ණය නැවත ගෙවීමේ කාලය වසරකින් දීර්ථ කරන ලෙස ඉල්ලා සිටින ලදී.

ජා.මු.අ. ණය වැඩසටහන සම්බන්ධ පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත අතර මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය තුළ යෝජිත විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන් පිළිබඳව වැඩිදුරටත් ජා.මු.අ. විසින් සමාලෝචනය කෙරෙනු ඇත.

සිය නිරීක්ෂණ අවසානයේදී ජා.මු.අ. නියෝජිතවරිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.

“2018 වර්ෂයේ අගභාගයේ ඇති වූ දේශපාලනික අස්ථාවරතාවයෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නැවතත් ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් විසින් ගනු ලැබූ අඛණ්ඩ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක් වේ. ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඉල්ලීම පරිදි තවත් අතිරේක වර්ෂයක් සඳහා විස්තීර්ණ ණය පහසුකම දීර්ඝ කරමින් ඒ යටතේ මුදා හැරීමට ඇති ඉතිරි ණය ප්‍රමාණය එම කාල සීමාව තුළ සමව බෙදී යන පරිදි ලබා දීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණන් අවසන් කිරීම සඳහා වැඩි කාලයක් ලබා දීමට ජා.මූ. අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික බලධාරීන් අතර නිලධාරි මට්ටමේ එකඟතාවයකට එළඹිණි. විස්තීර්ණ ණය පහසුකම හා අදාල වැඩසටහනට අනුව 2019 අයවැය සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යටත්ව, පස්වන සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලුම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඬු නිම කිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළ දී බලධාරීන් විසින් ගනු ඇත.“

“2018 වසරේ දී පෙන්නුම් කරන ලද දුර්වල ආර්ථික කාර්යසාධනයෙන් පසුව ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වන බවත් පෙන්නුම් කරනවා. බාහිර බලපෑම් හා දේශීය දේශපාලන අර්බුද ඒ සඳහා බලපෑවා. මෙම වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5 ක් දක්වා වර්ධනය වේවි යැයි අපේක්ෂා කරනවා. 2018 වසරේ දී එය දැක්වුණේ සියයට 3 ක් වශයෙන්. උද්ධමනය මේ වන විට යථාතත්ත්වයට පත්වෙමින් පවතින අතර 2019 දී එය සියයට 4.5 ක මට්ටමකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා“.