Posted on 04.21.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෙහිවල ප්‍රෙද්ශයේ හා දෙමටගොඩ නැවත පිපිරීම් සිදුවීම් වාර්තාවීමත් සමගආණ්ඩුව විශේෂ ආරක්ෂක පියවර ගෙන ඇති අතර තත්වය පාලනය කිරීමට සියලු පියවර ගන්නා බව පොලිසිය පවසයි.
අද උදයේ පිපිරුම් මාලාවක් සිදුවීමෙන් පසුව මෙම දෙමටගොඩ ප්‍රෙද්ශයේ හා දෙහිවල පිපිරීම් සිදුව ඇති අතර තවත් ස්ථාානවල සිදුවිය හැකි අනතුරු වළක්වාගන්නට පොලිසිය විසින් ගත් පියවර දායක වූ බව පොලිසිය සදහන් කරයි.
අද පස්වරු 1.45ට පමණ දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක සිදුව ඇති පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.
විශේෂයෙන් සිදුවීම් ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමෙන් ඔවුන්ට අනතුරු ඇතිවීම වැළැක්වීමත් ජනාකීර්ණ ස්ථානවල ජනතාව සන්සුන් ලෙස හැසිරවීමටත් පොලිසිය මැදිහත්ව ඇති අතර ජනතාව සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවට පොලිසිය පවසයි.