Posted on 04.23.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක් කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි .
මේ පිළිබඳව කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සිළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා කොළඹ දිසාවේ සියළුම පොලිස්ථාන දැනුම්වත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
මේ හේතුවෙන් කොළඹ වරායේ ආරක්ෂාවද තර කිරීමට වරාය ආරක්ෂක අංශ මගින් පියවර ගෙන ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි .