Posted on 02.21.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන 21 හැවිරිදි ඉන්දිය ශිෂ්‍යාවක් ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා ඇති බව දක්වමින් ඇයට ඇප ලබාදීමට ඉන්දිය නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය දක්වා ඇත.
ඉන්දියානු ගොවි අරගලයට පක්ෂපාති අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගැනීම හේතුවෙන් Fridays for Future සංවිධානයේ ඉන්දියාව තුළ ප්රමුඛ ක්‍රියාකාරිනියක හා පරිසර ක්‍රියාකාරිණියක වන ඩිෂා රවි ඉන්දිය පොලිසිය විසින් පෙබරවාරි 15 දින අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ ශිෂ්‍යාව වෙනුවෙන් ඇප අයදුම් පතක් පදනම් කරගනිමින් අධිකරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී දිල්ලි මහෙස්ත්‍රාත්වරයා හමුවේ අප ලබාදීම සම්බන්ධව පොලිසිය විරෝධය දක්වා ඇත. ඇයගේ ත්‍රස්තවාදී සබඳතා සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පවසමින් මහෙස්ත්‍රාත්වරයා නඩුව 23 වැනිදා දක්වා කල් තබා ඇත.
ඉන්දිය ගොවි අරගලයට සහය පළ කරමින් Fridays For Future හි නිර්මාතෘ වූ ‘ග්‍රේටා තුන්බර්ග්’ විසින් ඉන්දියාවේ සමාගම් විසින් ඇති කර ඇති මෙම අර්බුදය පරිසර විනාශයටත් බලපාන බවද අරගලය වඩා උපායශීලිව ගෙන යාම පිළිබඳ සියTwitter ගිණුමෙහි පළ කළ ලිපියක් දිෂා රවි විසින් හුවමාරු කර ඇත.
මෙම ලිපිය ඉන්දියාවේ කිසිඳු පුද්ගලයෙකුට සමාජමාධ්‍ය තුළ හුවමාරු කිරීමට අවසර නැති බවත් එය රජයට විරුද්ධ කැරලි සංවිධානය කිරීමක් ලෙසත් පවසමින් ඉන්දියානු රජය විසින් වාරණය කර තිබිණි. කෙසේවෙතත් රජයේ වාරණයට අභියෝග කරමින් ඇය විසින් ඒ ලිපිය ඇගේ Twitter ගිණුමේ හුවමාරු කර ඇත.
මේ වනවිට ඉන්දියාවේ මෙන්ම ලාව පුරාම දිශා රවි නිදහස් කිරීමේ උද්ඝෝෂනයක් ආරම්භ වී ඇත.