Posted on 04.17.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීණ රංග ශිල්පී දයා තෙන්නකෝන්, රෝගී තත්වයෙන් පසුවී අද(17) අභාවයට පත් විය.
පිළිකා රෝගයෙන් පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේදී කළ සැත්කමකින් පසුව අභිවයට පත්වන විට 78 වැනි වියේ පසුවිය. ප්‍රවීණ රංග ශිල්පිනී ග්‍රේස් තෙන්නකොන්ගේ ජීවන සහකරු වූ ඔහු සුගතපාලද සිල්වාගේ නාට්‍ය තුළින් වේදිකාවට පැමිණියේය. වේදිකාවේ සිට දීර්ඝ කාලයක්, ගුවන් විදුලියේ, රූපවාහිනියේ මෙන්ම සිනමාවේ හඬකැවීම් ශිල්පියකු සහ රංග ශිල්පියකු ලෙස ජනාදරයට පත් විය.