Posted on 06.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනපති විශේෂ සමාව යටතේ දේශපාලන සිරකරුවන් 16ක් නිදහස් කර තිබේ.
මේ දේශපාලන සිරකරුවන් 15 දෙනකු අනුරාධපුර බන්ධනාගාරයෙන් වන අතර තවත් සැකකරුවෙක් යාපනය බන්ධනාගාරයෙන් නිදහස ලබා අද (24) පිටව යාමට නියමිතයි. මෙම දේශපාලන සිරකරුවන් පසුගිය යුධ සමයේ සහ ඉන් පසුව LTTE ක්රියාකාරම්වලට සම්බන්ධවූ බවට සැකපිට ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන් වේ.
මෙයට අමතරව ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 77 දෙනකු අද (24) නිදහස ලබයි.
පසුගිය කාලයක් පුරා මෙරට වාමාංශික පක්ෂ සහ ප්රගතිශීලින් දේශපාලන සිරකරුන් නිදහස් කරන ලෙස දිගින් දිගටම අරගලයක නිරත විය. එහිදී මෙම සිරකරුන් නඩු පැවරීමක් හෝ නොකර රඳවා තබා ගෙන සිටින බවට හෙළිවිය. නමුත් ඒ බොහෝ අවස්ථාවල එවක සිටි මහින්ද රාජපක්ෂ පාලනය සහ පසුව පැමිණි යහපාලන ආණ්ඩුවේ අදහස වූවේ දේශපාලන සිරකරුවන් නම් කොටසක් අපේ රටේ නොමැති බවයි.