Posted on 03.15.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
නවසිලන්තයේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් දේවස්ථාන දෙකකදී අන්තවාදී ප්‍රහාර නිසා මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පළ කරයි.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානයට ගිය අවස්ථාවේ අන්තවාදියකු සිදුකළ වෙඩි තැබීමකින් ක්‍රීඩකයන් දිවි ගලවාගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා ආරම්භයේදී කළේ ඉන් බංග්ලාදේශ ක්‍රිඩකයන්ට හානියක් සිදුනොවුවත් ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇති බවය. මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් නිසා 3 දෙනෙකු පමණ මියගොස් ඇති බවක් කියැවිණි. කෙසේවෙතත් නිල නොවන මූලාශ්‍ර අනුව සිදුවීම් දෙකේම මරණ සංඛ්‍යාව 27ක් බවට ඇතැම් විදේශ වාර්තා පළ විය. තුවාල ලැබුවන් 40 දෙනකු පමණවන බවද සදහන් කෙරිණි.
ප්‍රදේශයේ සියලුම පාසල් සහ රෝහල්ද වසා දමා ඇති බව ද වාර්තා වෙයි. මේ අතර අදාළ වෙඩික්කරු විසින්ම එම වෙඩි තැබීම රූගත කිරීමට කටයුතු කර ඇති බවට අනුමාන කරන බව එරට මුලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙය නවසිලන්ත ඉතිහාසයේ මෙතෙක් නොවුනු ප්‍රචණ්ඩ තත්වයක් බවද එය නවසිලන්තයට අදුරුතම දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බවද පැවසුවාය. පොලිසිය පවසන්නේ මෙම සිදුවීම්වලට සැක පිට කාන්තාවක් හා පිරිමින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ වෙඩිතැබීම කළ ඝාතකයා තම අපරාධය වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර ඇතැම් මාධ්‍ය විසින් අපරාධකරු විසින් ඝාතන සිදුකළ කෘරත්වය පිළිබද එම දර්ශන සිය වාර්තාකරණයට එක් කරන තරම් පහත් තත්වයකට පත්ව ඇ.ත.


