නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා 5ක් පාර්ලිමේන්තුවට!

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තා ලෙස ලේඛන 5ක් අද(11) පාර්ලිමේන්තුවේ සභාගත කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඒවා ව්‍යවස්ථාවක කෙටුම්පත් ලෙස නොගත යුතු බවය.

මේ විද්වත් වාර්තා ඉදිරිපත් කිරීමට පවා විද්වත් කමිටුව තුළ පවා එකගතාවක් නොමැති බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක එම වාර්තා සම්බන්ධ විවාදයේදී පවසා තිබේ. මහින්ද රාජපක්ෂ විසින් පවසා ඇත්තේ ආණ්ඩුවට ව්‍යවස්ථාවක් අලුතින් ඉදිරිපත් කිරීමට ජනවරමක් ලැබී නොමැති බවය.

Chandana Sirimalwatte :