රජරට විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරින් 16 දෙනකුගේ පන්ති තහනම අසාධාරණ බවට පවසමින් එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවත් සෙසු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් ගෙන අගය අරගලය ජයග්‍රහණය දක්වා පැමිණ තිබේ.
2019 ජනවාරි 13 වන දින සිට එම පන්ති තහනම අහෝසි කිරීමට තීරණය කළ බවට පාලනාධිකාරීය විසින්ර ඊයේ(11)ජරට විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරින් වෙත ලිඛිතව දන්වා ඇත. රජරට විශ්වවිද්‍යාලය තුළ දිගින් දිගටම අධ්‍යයන සුබසාධන ගැටලු ප්‍රමාණයක් පැවති අතර ඒ වෙනුවෙන් හඬ නැගු සිසු ක්‍රියාකාරීන් 16 දෙනෙකුගේ ශිෂ්‍යභෘවය අහෝසි කළ පසුව පසුගිය දින 331 පුරා ශිෂ්‍ය ව්‍යාපාරය ඊට එරෙහි සංවිධානාත්මක අරගලයක් සිදුකරන ලදී. මෙම ජයග්‍රාහී තීරණය ලැබෙන විට රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 203ක් ගතව තිබේ. පන්ති තහනම අහෝසි කිරීමට බල කරමින් පසුගිය දෙසැම්බර් 27 වන දින සිසුන් පරිපාලන ගොඩනැගිල්ල තුළට ගිය අතර හිටපු උපකුලපතිවරයා විසින් සරසවිය අත්තනෝමතික ලෙස වසා දමන ලදී. එයින් පසු ඊයේ දක්වා දින 15ක් මුළුල්ලේ පරිපාලන ගොඩනැගිල්ල තුල අඛණ්ඩව රැදි සිටි ශිෂ්‍ය ක්‍රියාකාරින්ට පාලනාධිකාරීයේ තීරණය ලිඛිතව සටහන්කර ලබා දෙන ලදී. ඒ අනුව සමස්ත විශ්ව විද්‍යාල ප්‍රජාව සමග එක්ව රජරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් දින 331ක් මුලුල්ලේ ගෙන ගිය ජය ගත් බව අ.වි.ශි.බ.ම. ප්‍රකාශයකයෙක් ‘ලංකාවීව්ස්’ වෙත පැවසීය. පාලකයන්ගේ එම ලිඛිත දැනුම්දීම අනුව පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටි සිසුන් ඉන්ඉවත් වූ අතර ශිෂ්‍ය ක්‍රියාකාරින් 16 දෙනාට මෙම තීරණය දැනුම් දෙමින් ලිපි 13 වන දින ලබා දෙන බව ප්‍රකාශ වී ඇති නිසා එතෙක් අඛණ්ඩ සත්‍යග්‍රහය පවත්වාගෙන යන්නට තීරණය කර තිබේ.