Posted on 07.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) නීති විරෝධී ලෙස රඳවා තබා ඇති විරෝධතාකරුවන් 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරමින් අතුරු නියෝගයක් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ලංකා ගුරු සංගමය විසින් අභියාචනාධිකරණය වෙත හේබියාස් කෝපස් පෙත්සම් 15 ක් ගොනු කර ඇත.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොම්පඤ්ඤවීදිය හා තලංගම පොලිස් ස්ථානාධිපතිවරු , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් නම්කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාකරුවන් ජූලි 8 වන දින බත්තරමුල්ල හන්දියේදී රැස් වූ බව සහ නිරෝධායන පිළිවෙත් අනගමනය කරමින් කටයුතු කළ බවය. පෙරවරු 11 ට පමණ පොලිස් කණ්ඩායමක් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා බලය යෙදවූ අතර පුද්ගලයින් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව ඔවුහු ප්‍රකාශ කළහ.පෙත්සම්කරුවන් කියා සිටියේ පසුව කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යවන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ඉල්ලා සිටි නමුත් එය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පෙත්සම්කරු ප්‍රකාශ කළේය. අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද විරෝධතාකරුවන් කිසිදු සෞඛ්‍ය අධිකාරි බලයක නිර්දේශ නොමැතිව ප්‍රතිදේහජනක පරීක්ෂණය හෝ පීසීආර් පරීක්ෂණයකින් තොරව මුලතිව් හි නිරෝධායන මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් රැගෙන ගිය බව පෙත්සම්කරුවන් පවසා තිබේ.
මෙම හේතු සළකා බලමින් දැනට නීතියට පිටින් රඳවා සිටින පුද්ගලයන් අධිකරණය හමුවට ඉදිරිප.් කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.