Posted on 07.17.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් බැලීමට අවස්ථා දෙකකදී ගිය මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් එම කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගුවන් හමුදාපතිවරයා හට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ දැක්වෙන පරිදි මූලික විමර්ශනයක් සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය 9 සහ 13 යන දිනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන වලට ගොස් සිටි අවස්ථාවේදී මූලික විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබාදීමට මුලතිවු ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි .
පසුගිය දිනයේ දී බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර සිටි ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිස විසින් නිරෝධායන මධ්‍යස්ථානය හා තමා ඇතුළු පිරිසට සිදු වූ දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අනුව කොමිසම විසින් අදාළ විමර්ශන අරඹා තිබුණි.
ඒ අනුව මෙම විමර්ශනයට සහාය නොදීම සම්බන්ධයෙන් පරික්ෂා කොට 2021.07.20 වන දිනට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යැවූ ලිපියේ සඳහන් වේ.