Posted on 07.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකළ රැඳවියන් 16 දෙනා හමුවීමට අද පෙරවරුවේ එහි පැමිණි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන්ට ඔවුන් හමුවීමට ඉඩ දිය නොහැකි බව කඳවුරේ ස්ථානභාර නිලධාරියා විසින් දන්වා ඇත.
මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන් පසු බලහත්කාරයෙන් රඳවා සිටින මෙම පුද්ගලයන් හමුවීමට මානව හිමිකම් කොමිසමේ උතුරු පළාත් නියෝජිතයා උත්සාහ කර ඇත.
කිසියම් තැනක රැඳවියන් වශයෙන් සිටින පුද්ගලයන් හමුවීමට නෛතික බලයක් තම කොමිසමට ඇති බව මානව හිමිකම් කොමිසමේ නියෝජිතයා විසින් පැහැදිලි කර ඇතත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ අවසරයක් ඇත්නම් පමණක් නිරෝධායනයේ සිටින පුද්ගලයන් හමුවීමට ඉඩ දිය හැකි බව කඳවුරේ ස්ථානභාර නිලධාරියා පවසා තිබේ.
මෙරට මානව හිමිකම් සම්බන්ධ ස්වාධීන විමර්ශන කිරීමේ බලයලත් ආයතනය වන ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ව්‍යවස්ථාවෙන් බලය ලත් ආයතනයකි.