Posted on 02.26.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පෑලියගොඩ පොලිස් ස්ථානයේ සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසු මිගාර ගුණරත්නට පහරදුන් පොලිස් නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී මිගාර ගුණරත්න පහරදී ඇතැයි වාර්තා විය.
සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකළ බව මිගාර ගුණරත්න පවසයි. බරපතළ තුවාල ලැබූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබේ.