Posted on 03.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් දී තිබේ.
ඒ අනුව ඔවුන් දණ්ඩ නීති සංග්‍රහය සහ වධ හිංසා පණත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ සිටි සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසු මිගාර ගුණරත්නට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව පහරදී තිබුණි.
පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී තමන්ට පහරදුන් බව එම නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න පැවසීය.
එම සිදුවීමෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.