தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
පළාත් සභා නමයෙන් අටක නිල කාලය අවසන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් සභා නමයෙන් අටක නිල කාලය අවසන්



පළාත් සභා ඡන්දය පැවැත්වුහොත් ජනතාව ආණ්ඩුව පාරාජයට පත් කරන බව දන්නා නිසා එයට බියෙන් පළාත් සභා ඡන්දය නොපවත්වන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරතන පවසයි.

ඒ නිසා තව වසරක් ගතවන තුරු පළාත් සභා ඡන්දය නොපවත්වන බව ද ඔහු පැවසීය.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ හැටන් නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සාකච්ඡා කිරිම සදහා ඊයේ (10) පැවති රැස්වීමකදීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු මෛත්‍රි ගුණරත්න,

“අද පළාත් සභා ඔක්කොම විසුරුවාහැරලා තියෙන්නේ.අද කිසිම පළාත් සභාවක් නෑ.අද පළාත් සභාවල බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයා ලඟ. ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නෑ.වැරදියි.අපේ රටේ නීතිය අනුව වසර පහෙන් පහට පලාත් සභා තියන්න ඕන.නමුත් මේ ආණ්ඩුව පලාත් සභා තියන්න බයයි.මම හිතන විදියට තව අවුරුද්දකට මේ රටේ පලාත්සභා තියන්නේ නෑ.”

මේ අතර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඊයේ(10) දකුණු පළාත් සභාව විසුරුවීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබන ලදී.

එහිදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයාද පවසා තිබුනේ පළාත් සභා මැතිවරණය අනිකුත් මැතිවරණ සියල්ලට පෙර පැවැත්විය යුතු බවයි. පළාත් සභා ජනතා නියෝජිතයන් හරහා පාලනය විය යුත්තක් මිස ආණ්ඩුකාරවරුන් පාලනය කිරීම සුදුසු නොවන බවද ඔහු පවසා තිබේ.

මේවනවිට උතුරු, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු මැද, මධ්‍යම, සහ දකුණු පළාත් සභාවල කාලය ඉක්ම ගොස් තිබේ. මේ මාසයේ අප්‍රේල් 21 දා වනවිට බස්නාහිර පළාත් සභාවේද කාලය ඉකුත් වේ. ඉතිරිව ඇති එකම පළාත් සභාව වබ ඌව පළාත් සභාවේ නිල කාලය ඉකුත් වන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදීයි. කෙසේවෙතත් මේවනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමා වසර දෙකක් පමණ ගතවී ඇත.