Posted on 02.18.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීරණය මේ සතියේ ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
දැනටමත් සම්මත වී තිබෙන පළාත් සභා පනතෙහි සීමා නිර්ණය කොටස සම්මත වී නොමැති නිසා පැරැණි සමානුපාතික ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීමට නව පනතක් ගෙන ආ යුතු නිසා මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ රැස් වී පළාත් සභා මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා පවසයි. එහෙත් එය සිදුකරන දිනයක් ඇමතිවරයා සදහන් කර නැත.
මහනුවර – දෙල්දෙණිය හරහා උඩරත්මීවල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් ඇමති කිරිඇල්ල මෙම අදහස ප්‍රකාශ කළේය.