Posted on 04.12.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට පළාත් සභා 8ක කාලය අවසන්ව ඇතත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකිවීම පිළිබද ආණ්ඩුවේ දැනුවත් කල්මැරීම තවදුරටත් අනාවරණය කරමින් පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන්නට කටයුතු කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ(11) අගමැති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යවමින් ඉල්ලීමක් කරමින් අවධාරණය කරන්නේ ඒම සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවකි. ඒ් අනුව, මේ දක්වා අගමැතිවරයා ඒම සරල පියවර නොගැනීමෙන් පළාත් සභා මැතිවරණ වෙත යාමට පමාවක් සිදුකණ ලද බව පැහැදිලි වේ. සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව විසින් රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම්ගේ සභාපතීත්වයෙන් පත් කරණ ලද සමාලෝචන කමිටුවක් විසින් සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය. කෙසේවෙතත් ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව තවමත් ඒකී කමිටුව භාරයේ රදවා ගෙන තිබේ.