தமிழ்
English
Contact
Saturday 4th May 2019    
පළාත් සභා පැරණි ක්‍රමයට - පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තීන්දු කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් සභා පැරණි ක්‍රමයට – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තීන්දු කරයි



පළාත් සභා හයක කාලසීමාව අවසන්ව තිබියදී පළාත් සභා මැතිවරණ සම්බන්ධ වියවුල් සහගතභාවය නිසා එම මැතිවරණ පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට ඊයේ (04) පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින 2017දී සම්මත කළ සංශෝධන පනත අහෝසි කළයුතු වන අතර ඉදිරියේදී පාර්ලිමේන්තුව විසින් ඒ පිළිබද කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එකී සංශෝධන අනුව මැතිවරන ක්‍රමය මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට සහ පළාත් සභා සියල්ල එකවර නියෝජිතයන් සදහා මැතිවරණ පැවැත්වෙන ආකාරයට ප්‍රතිපාදන සම්මත කරන ලදී. එහෙත් තවත් පලාත් සභා 3ක කාලසීමා වඅසන් වන්නේ ඔක්තෝබර් මාසයේ බැවින් පලාත් සභා සියල්ල එකවර මැතිවරණ සදහා ප්‍රකාශයට පත් කිරීමට ඒ දක්වා මැතිවරණ ප්‍රමාද කළ යුතුව තිබේ. එසේත් නැතිනම් එම පලාත් සභා වේලාසනින් විසුරුවා හැරිය යුතුව තිබේ.

පලාත් සභා පනත් සංශෝධනය කිරීමේදී මෙවැනි වියවුල් සහගතභාවයන් සම්බන්ධව කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා මෙම තත්වය හටගෙන ඇති අතර වර්තමාන පාර්ලිමේන්තුව මහජනයාගේ පරමාධිපත්‍ය බලය භාවිත කිරීමේදී කිසිදු වගකීම් සහගත ආකාරයකින් කටයුතු කර නැති බව පැහැදිලි වේ. මින් පෙර පළාත්පාලන පනත් සංශෝධනයේදී කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඇති වූ විකෘති තත්වය මෙන්ම 19 වැනි සංශෝධනයේ අපැහැදිලි තත්වයන්ද පාර්ලිමේන්තුවේ වගකීම් විරහිතභාවය නිරූපණය කරන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි.