Posted on 01.05.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් 5ක ආණ්ඩුකාරවරු අද(5) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වේ.
කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි බස්නාහිර පළාතෙටද පසුගිය දා ජනාධිපති නීතීඥවරයකු ලෙස පත් කැරුණු මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාතටද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක උතුරු මැද පළාතටද උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න වයඹ පළාතටද වශයෙන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දුන් අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය.