Posted on 02.09.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මේ වන විට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ 1300ක් පමණ සිදුකර ඇතත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 අතරින් පීසීආර් පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ මන්ත්රීවරුන් 34 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
එලෙස පැමිණි කිසිදු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ආසාදිත බව තහවුරු වී නැත. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වන වාසුදේව නානායක්කාර, පවිත්රා වන්නිආරච්චි, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, අරුන්දික ප්රනාන්දු, පියල් නිශාන්ත සහ වසන්ත යාපා බණ්ඩාර කොවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් නොව, පෞද්ගලිකව කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ඉල්ලීම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්රධාරියා සඳහන් කරන්නේ අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්රයේදී එසේ අහඹු PCR පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන දිනවල මෙන්ම නොපැවැත්වෙන දිනවලද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.