Posted on 06.30.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා නිර්මාණකරුවන් 6000කට අධික පිරිසක් අතුරින් පළමු වතාවට ලංකාවේ ලේඛිකාවක විසින් කෙටි කතාවකට සම්මාන දිනා ඇත.
2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයෙන් ආසියානු නිර්මාණකරුවන් අතර හොඳම සම්මානය හා ත්‍යාගය දිනා ගත් ලේඛිකාව, හිටපු මාධ්‍යවේදිනියක වනක කන්‍යා ඩී අල්මේදා(Kanya D’Almeida)ය. පැරනි බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රාජ්‍ය කලාප හතරක් වෙනුවෙන් ඉදිරිපත් වූ නිර්මාණ හය දහසකට අධික ප්‍රමාණයක් අතුරින් නිර්මාණකරුවන් 4 දෙනකු තෝරාගන්නා ලද අතර කාන්යා ලියු ‘I Cleaned The—’.නිර්මාණය ආසියානු සම්මානයට තෝරා ගනු ලැබිණි.
ඇගේ කෙටිකතාව, ගෘහස්ථ ශ්‍රමය, හැර දැමීම්, නිවෙස්වල අභ්‍යන්තර මිනිස් සබඳතා සහ දූවිලි බවට පත්වූ මිනිස් ජීවිත පිළිබඳ කතාවකි. ආසියානු තරග අංශයේ විනිසුරු, බංග්ලාදේශ ලේඛක, කදෙමුල් ඉස්ලාම් එය විස්තර කළේ ලංකාවේ රඹුටන් සහ කරාබු ගස් අතර ප්‍රේමය හා ජීවිතය ගැන ලියුවක් බවයි. ආදරය, අහසේ තරු අතර නොව, ආන්තිකකරණයට පත් මිනිස් ජීවිත තුළදී සොයාගත හැකි බව ඔහු කාන්යාගේ ජයග්‍රාහී නිර්මාණය පසසමින් පවසයි.