පොලිස් පරික්ෂණ සදහා ‘කණට පහරක්’ ඉල්ලයි!

මලිත් හෑගොඩ

අයි.ටී.එන්. ගුවන්විදුලි නාලිකාවෙන් විකාශය කරන්නට නිෂ්පාදනය කළ මාලක දේවප්‍රියගේ ‘කණට පහරක්’ ගුවන්විදුලි නාට්‍ය මාලාව අඩංගු සංයුක්ත තැටියක් මේ පිළිබදව විමර්ශනය කරන පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාර දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කරයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සභාපතීත්වය දරණ ‘ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය’ මගින් බුදුදහම අවමානයට ලක් කෙරෙන ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය කළ බවට නැගුන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩු විභාගය සිදුවේ. ඒවා විකාශනය වූ ස්වාධීන ගුවන් විදුලි සංස්ථාවේ  වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිනාසායක නියෝගයක් නිකුත් කර ඇත.

එසේම, ගුවන්විදුලි නාට්‍ය 10කින් සමන්විත එම ගුවන්විදුලි නාට්‍ය මාලාවේ සී ඩී තැටි ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසටද අධිකරණය විසින් නියෝග කරණ ලදී.

Chandana Sirimalwatte :