පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු සබඳතා ඇමැති රවින්ද්‍ර සමරවීර ප්‍රකාශ කර තිබේ.
මෙම වැටුප් වැඩිවීම පිළිබඳ යෝජනාව මැයි පළමුවැනිදා ඉදිරිපත් කරන බවත් එය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන බවත් ඔහු පවසා ඇත. 2016 අය වැය මගින් රාජ්යය සේවකයන්ගේ වැටුප් වැඩි කළ අවස්ථාවේදීද පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ නංවන ලෙස මුදල් ඇමැතිවරයා පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ආයාචනා කළේය. එහෙත් ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් නොකරන ලද අතර වැටුප් වැඩි නොකරන ලද හාම්පුතුන් සම්බන්ධයෙන් කිසිදු ක්රි්යාමාර්ගයක් ගැනීමට සේවකයන්ට අවස්ථාවක් නොවීය. මේ නිසා බොහෝ හාම්පුතුන් ඒ වන විට සේවකයන්ට දෙමින් තිබූ දීමනා කප්පාදු කර මූලික වැටුප වැඩි කළ අතර ඒ නිසා ඔවුන්ට අතට ලැබෙන මුදලේ කිසිදු වැඩිවීමක් සිදු නොවීය. එපමණක් නොව බොහෝ ආයතනවල සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදුන්නේ රජය වැටුප් වැඩිවීම නීතියක් බවට පත් කළේ හෝ ගැසට් නිවේදනයක් මගින් ප්රිකාශ කළේ නැති නිසාය. එය හාම්පුතුන්ගේ අභිමතය පරිදි සිදු කිරීමට ඉඩ සලසා තිබිණි.
දැන් රජය ප්රරකාශ කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල්ව 2500කින් වැටුප් වැඩි කරන බවයි. එහෙත්, 2019 මාර්තු මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සිව් දෙනකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 76,422කි. මහ බැංකුවට අනුව සිව් දෙනකුගෙන් යුතු පවුලක මාසික වියදම රුපියල් 56,000ක් පමණ වේ. මේ අනුව රජය පවසන රුපියල් 2500 වැටුප් වැඩවීම සෙප්පඩ විජ්ජාවකට වැඩි දෙයක් නොවේ.
රජය පවසන්නේ පෞද්ගලික අංශයේ අවම වැටුප දැන් රුපියල් 10,000 බවත්, එය 2500කින් වැඩි කළ විට 12,500ක් වන අතර අය වැය මගින් වැඩි කරන ලද රුපියල් 3,500ත් එකතු වූ විට අවම වැටුප රුපියල් 16,000ක් වන බවයි. මින් පෙනෙන්නේ පෞද්ගලික අංශයේ මූලික වැටුපට රුපියල් 3500ක් එකතු කරන ලෙස රජය දැනුම් දී ඇතත් එය මූලික වැටුපට එකතු කළ යුතු බවක් රජය පවා අදහස් නොකරන බවයි. එසේ නොවේ නම් මූලික වැටුප 10,000ක් ලෙසත් අයවැය මගින් මූලික වැටුපට එකතු කළ මුදල 3,500ක් බවත් පැවසීමට හේතුවක් නැත. මින් පෙනෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 3500කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියත් තවදුරටත් රුපියල් 10,000 සීමාවේ පවත්වා ගෙන යාමට අවසර දී තිබෙන බවයි. මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 16,000 දක්වා වැඩි නොවන බවත් එය මෙම 2500ත් සමග වැඩි වන්නේ 12,500 දක්වා පමණක් බවත් මින් පැහැදිලි වේ.
මහ බැංකුව ප්රතකාශ කරන අන්දමට පවුලක ආර්ථික ක්රි යාවලිය සඳහා දායක වන ඒකක ගණන 1.8කි. ඒ අනුව අවම වශයෙන් එක් පුද්ගලයකුගේ වැටුප රුපියල් 32,000ක් විය යුතුය. රජය ප්රණකාශ කරන අවම වැටුප මෙන් තුන් ගුණයක වැටුපක් ඔවුන්ට නොලැබෙන්නේ නම් ඔවුන්ගේ පවුල්වල ජීවනව තත්වය අන්තිම පහළ අඩියක තිබෙන බව පැහැදිලිය. 2020 වන විට රාජ්ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000කට ආසන්න වේ. මේ අනුව පෞද්ලික අංශයේ සේවකයන්ගේද අවම වැටුප රුපියල්ව 25,000ක්වත් විය යුතුය. රාජ්යට, පෞද්ලික, වතු හෝ වෙනත් භේදයකින් තොරව සමාන වැඩට සමාන වැටුප් හිමි විය යුතුය.
මේ ආණ්ඩුව හුදු ජනප්රිතයත්වය තකා ඉදිරිපත් කරන 2500 සෙප්පඩ විජ්ජාවට නොරැවටී ජීවත්වීමට සරිලන වැටුපක් වෙනුවෙන් වැඩකරන ජනතාව පෙළ ගැසිය යුතුය.