බස්නාහිර පළාත් සභාව හෙටින් අවසන් – මැතිවරණ දින නියමයක් නෑ

දිවයිනේ පළාත් සභා 9 අතුරින් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග මැතිවරණවලින් නියෝජිතයන් තෝරාපත් නොකර ආණ්ඩුකාරවරුන් භාරයට ගෙන ඇති පළාත් සභා සංඛ්‍යාව 8 දක්වා ඉහළ යයි.

පසුගිය පස්වනදා දකුණු පලාත් සභාවේ ධුර කාලය අවසන් වු අතර 9 වැනි පළාත් සභාව ලෙස එළඹෙන ඔක්තෝබර් 08 වනදා ඌව පළාත් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිතය. කෙසේවෙතත් මේ දක්වා පළාත් සභා මැතිවරණ පැවැත්වීඹ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ වගකිවයුතු මැදිහත්වීමක් නොමැති විය. අනෙකාට ඇගිල්ල දිගු කිරීම හැර මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය සම්බන්ධ විසදුමක් සෙ පලාත් සභා මැතිවරණ ගැටලුව විසදන්නට කිසිදු පාර්ශවයකින් නම්‍යශීලි බවක් දක්වා නැත.

Chandana Sirimalwatte :