ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව ඇති බ්‍රසීල ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ දක්ෂිණාංශික අපේක්ෂකයා වූ ජායිර් බොල්සොනාරොට මැතිවරණ රැළියකදී පිහියෙන් ඇනීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ බ්‍රසීලයේ නිරිත දිග නගරයක්වූ ජියිස් ද ෆ්ලෝරා හා පැවැති මැතිවරණ රැළියකට සිය ආධාරකරුවන් සමග සහභාගීවී සිටින අවස්ථාවේදී එල්ල කරන ලද පිහි ඇණූමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
සිය ආධාර කරුවන්ගේ කරමතින් සෙනග අතර යමින් සිටින විට ඔහුට පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවත් එම අවස්ථාවේ සිය ආධාරකරුවන් විසින් පිහි ඇණුමට සම්බන්ධ පුද්ගලයාව අල්ලාගෙන තිබෙන බවද වාර්තාවේ.
මෙවර එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩා ඉදිරියෙන් සිටින්නේ ජායිර් බොල්සොනාරො බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරති.
එළැඹෙන ජනාධිපතිවරණයට හිටපු ජනාධීපති ලූලා ද සිල්වා ඉදිරිපතවීමට අදාලව අයදුම්පතක් ඉදිරිපත් කළත් මේ වන විට ඔහු සිරදඩුවම් විදිමින් සිටින බැවින් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නොහැකි බව එරට ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක ප්‍රකාශයට පත් කළේය.
මේ හේතුවෙන් බ්‍රසීල කම්කරු පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයකු පිළිබදව තිබූ බලාපොරොත්තුව බිදවැටුන නමුත් රියෝ ද ජැනෙයිරෝහි නගරාධිපතිවරයා සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව පවසා තිබුනි.