බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට

ඊයේ පැවැති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික අපේක්ෂක ජායිර් බොල්සෙනාරෝ ඉදිරියෙන් සිටින නමුත් ජයග්‍රහණය සදහා අවශ්‍ය සීයයට 50 ලබා ගැනීමට ඔහු සමත්ව නොවීය.

එරට දක්ෂිණාංශික කණ්ඩායම්වල අපේක්ෂකයා ලෙස සැලකෙන ජායිර් බොල්සෙනාරෝ මෙවර මැතිවරණයේ පළමු වටයෙන් ඉදිරියෙන් සිටින අතර කම්කරු පක්ෂයේ අපේක්ෂකයා වන ප්‍රනාන්ඩෝ හඩ්ඩා ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් ඉදිරිපත්ව සිටියහ.

ඊයේ පැවැති මැතිවරණයෙන් ජායිර් බොල්සෙනාරො ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 46 ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන අතර ප්‍රනාන්ඩෝ හඩ්ඩා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 29ක් ලබා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තාවෙ.

ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සීයයට 50 ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවීම හේතුවෙන් ලබන 28 වැනි දින මෙම ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා නැවත දෙවන වටය සදහා ජායිර් බොල්සෙනාරො හා ප්‍රනාන්ඩෝ හඩ්ඩා මැතිවරණයට පැවැත්වීමට නියමිතව තිබේ.

Madanayaka :