Posted on 04.03.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මල්වතුහිරිපිටිය හේනේගම – කහටාන ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු විසින් සිය බිරිඳ හා දියණිය ඝාතනය කර තමන්ද සියදිවි තොර කරගෙන ඇති බව න් වාර්තා වේ.
කොරෝනා වසංගත තත්වය තුළ රටම ඇඳිරි නීතියට යටත්ව තිබියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 28 හැවිරිදි කාන්තාවක සහ ඇගේ තුන් හැවිරිදි බිළිඳු දියණියයි. 37 හැවිරිදි ස්වාමි පුරුෂයා පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. මියගිය අයගේ මෘත ශරීර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොරෝනා වසංගත සමයේ නිවසින් බැහැර යාමට නොහැකිව කොටු වී සිටින නිසා ආතතිය නිසාත් වෙනත් ආර්ථික ගැටලු ඇතුලු හේතු නිසාත් පවුල් අභ්‍යන්තර ආරවුල් නිරන්තරව මතුවීමේ තත්වයක් පවතී. පසුගිය දිනවල කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිස අතර කාන්තාවන් සංඛ්‍යාව ඉහළයාම සහ ඔවුන්ගෙන් වැඩිදෙනකු ගෘහස්ත ප්රචණ්ඩත්වය නිසා තුවාල ලැබූවන් බවත් වාර්තා විය. මේ පසුබිම තුළ තවදුරටත් කොරෝනා වසංගතය පමණක් නොව, එයින් මතුවන අනෙකුත් සමාජ ගැටලු ලෙස මෙවැනි පවුල් ආරවුල් මෙන්ම අපරාධකාරී ප්රවණතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.