Posted on 08.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊයේ(03) පාර්ලිමේන්තුව අසළ පැවති කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සහභාගී වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමිර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔවුන් රාත්‍රියේම තලංගම පොලීසිය වෙත රැගෙන විත් ඇත. මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා පොදු දේපළවලට හානි කිරීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනා යටතේ කඩුවෙල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.