මට අපහාස නොකර බහුතරය පෙන්වන්න – කථානායකගෙන් නිවේදනයක්

කථානායක ලෙස තමන් විසින් ඉටුකරන භූමිකාව නිසා තමන් කේන්ද්‍රකරගත් අපහාස රැල්ලක් පවතින බවද ඒ ආකාරයෙන් අවමන් කරන අපහාස කරන සියලු දෙනාම කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ක්‍රියා කිරීම බව කථානායක කරු ජයසූරිය පවසයි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමු පවත්වමින්, ප්‍රකාශ නිකුත් කරමින් තමාට එරෙහිව සංවිධානය කෙරෙන උද්ඝෝෂණ මගින් අවමන් සහගතව කටයුතු කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා අද(21) මෙසේ නිවේදනයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරු 122 දෙනෙකු ලිඛිතව වත්මන් පාලනයට අභියෝග කර ඇති බැවින් කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බහුතර මතයට කන්දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව ඔහු එමගින් පවසයි. එම ස්ථාවරය පක්ෂග්‍රාහීවීමක් ලෙස හඳුන්වමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදුකරන පහත් මට්ටමේ පරිභව කිරීම් සහ විරෝධතා නිශ්ඵල බවද බහුතර මන්ත්‍රී පිරිසකගේ සහාය වත්මන් පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පු කිරීම එම විරෝධතාවලට වඩා ඵලදායී වන බව කථානායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

 

Chandana Sirimalwatte :