Posted on 12.06.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(06) වන විට මන්නාරම, සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 266කට අදාළ අස්ථි කොටස් හමුව තිබෙන බව කැනීම් පරීක්ෂණ සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පවසයි.
අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවූ අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති බවත්, ඉන් සිරුරු 258 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
පුරාවිද්‍යා නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දින 112 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා තිබේ. මෙම සිරුරු මෙහි දමා ඇත්තේ කුමන කාලයකද යන්න නිශ්චිත කරගැනීමේ අරමුණින් කාබන් කාල නිර්ණය සදහා සිරුරු කොටස් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා රසායනාගරයකටද යවා ඇති බව ප්‍රකාශ විය.