Posted on 09.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමන් කිසිදු අවස්ථාවක පාසල් නැවත විවෘත කළ යුතු යැයි යෝජනා නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.
විශේෂයෙන්ම රට වසංගතයට මුහුණ දී සිටින අවස්ථාවකදී, තමන් පළ කරන අදහස් වැරැදියට උපුටා දැක්වීමෙන් හෝ අර්ථ විකෘති වන අන්දමින් උපුටා දැක්වීමෙන් වළකින්නැයි මෙරට මාධ්‍යවලට අවධාරණය කරන බව ද ඇය සඳහන් කර ඇත.
මහාචාර්යවරිය පසුගියදා කොවිඩ් කාර්ය සාධන බලකායේ කටයුතුවලිනුත් ඉවත්විය.
මාධ්‍ය හරහා සිය අදහස් විකෘති කිරීම පිළිබඳ ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පණිවුඩ යේ මෙසේ ද දැක්වේ.
“ශ්‍රී ලංකාවේ මාධ්‍ය මම පළ කරන අදහස් වැරැදියට උපුටා දක්වපු සහ අර්ථය විකෘති වන අන්දමින් උපුටා දක්වපු සෑම අවස්ථාවකදීම මම නිහඬව සිටියා. මෙම මිනිත්තු 30ක 40ක කතාවක කරපු එක වාක්‍යයක් උපුටා දක්වමින් මම පළ කළ සම්පූර්ණ අදහස් සහ මම කරපු සමස්ත අදහස විකෘති කරලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන වැඩෙන් මම මහත් වෙහෙසට පත් වෙලා. මම මෙයින් මහත් පීඩාවට පත්වෙලා. මෙය නැවැත්විය/අවසන් විය යුතු යි. ඔවුන් මෙහෙම කරන්නේ ඇයි ? මේකේ අවසානයක්/ඉවරයක් නැද්ද. මා වැරැදියට අර්ථ දැක්වීමෙන් සහ වැරැදියට උපුටා දැක්වීමෙන් සහ මම නොකියපු දෙයක් පළ කිරීමෙන් වෙන හානිය ඔවුන් දන්නේ නැද්ද ? ඒ වගේම මාධ්‍ය මෙය දැනගත යුතු යි. මම මිනිත්තු 30ක 40ක් අදහස් දැක්වූ අවස්ථාවකදී, එයින් එක් වාක්‍යයක් පමණක් උපුටා අරගෙන එය සිරස්තලය ලෙස යෙදීමත් කොතරම් නොමඟ යැවීමක් ද ?
දැන්ම පාසල් විවෘත කළ යුතු යැයි මා කිසිදු අවස්ථාවක පැවැසුවේ නැහැ. අපි ඉන්නේ ලොක්ඩවුන් එකක. දැන් තමයි මරණ සහ ආසාදිතයන්ගේ ගණන අඩු වෙන්නේ. ගේට්වේ විද්‍යාලයේ දී මා ඇත්තටම පැවැසුවේ කුමක් ද කියා දැන්න ගන්න කාට හෝ වුවමනාක් තිබෙනවා, ඊට අදාළ සබැඳිය මා පහතින් දක්වා තිබෙනවා.
ඒ වගේ ම මා මෙය ප්‍රකාශ කළා ද නැද්ද කියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව මාධ්‍යයේ පළ වූ ලිපිවලට, මට නින්දා කරන්න, අපහාස කරන්න එපා. මට අවමන් කරන්න එපා. මට ඔබට කියන්න කිසි දෙයක් නැහැ” යනුවෙනි.