Posted on 01.14.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
(TopNews) මරණ දඬුවම නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා, බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ , රැඳවියන්ගෙන් තර්ජන එල්ල විය හැකි බැවින් එම පියවර ගත් බවයි.
ඒ අනුව ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව චන්දන ඒකනායක සඳහන් කර ඇත.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාර තුළ සිදුවූ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු බව තීරණය කිරීමෙන් පසු අධිකරණය ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.