Posted on 12.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදී සිරකරුවන්ට තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මාස 2කට ආසන්න කාලයක් ගතවීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව කියමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව එම අධිකරණයෙන් පොලිස්පතිවරයාට මෙම නියෝගය නිකුත් වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස 21 වැනිදාය. එසේම ලොහාන් රත්වත්තේ බන්ධනාගාරයට කඩා වැදීමේ සිදුවීම් වාර්තා වූවේ සැප්තැම්බර් 12 වෙනිදායි .
පොලිස්පතිවරයාගේ නියමයෙන් ආරම්භ කර ඇති මෙම විමර්ශනයට අනුව අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකුගෙන්, එහි බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකුගෙන් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 09 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.