Posted on 12.06.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වෙබ් මාධ්‍යවේදියකු වන මුරුගපිල්ලෙයි ගෝකිලදාසන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මඩකලපුව, වලච්චේනයේ පදිංචි තිස් හත් (37) හැවිරිදි මාධ්‍යවේදී මුරුගපිල්ලෙයි ගෝකිලදාසන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 29 වන දාය.
තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ මහවිරු දිනය වෙනුවෙන් පළ කළ සුබ පැතුමක් හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය හා ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.