Posted on 06.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ප්‍රධානී රජීව් කුරුවිටගේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරයි.
ඔහු පසුගිය 8 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිසමේ දැනුම්දීමක් අනුව බව රජීව් කුරුවිටගේ වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරයා පවසා ඇත. කෙසේවෙතත් අත්අඩංගුවට ගෙන ජනාධිපති කාර්යාලය ඇතුලූ රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකිරීම සම්බන්ධ ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත්කර ඇති බව අනාවරණය විය.
අද දින (9) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු ඔහුට ඇප ඉල්ලා සිටීමෙන් පසුව මෙසේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස්කර ඇත.