Posted on 09.01.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෙබ් අඩවි සංස්කාරකවරයකු හා සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටු සාමාජික ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් අද (1) දහවල් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් එනම් සැප්තැම්බර් 14 දක්වා රක්ෂිත බණ්දනාගාරගත කිරීමට නියෝගකර ඇත.
කොළඹ අලුත්කඩේ අංක 06 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින් මෙසේ නියෝගකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් අධිකරණ කටයුතුවලට බාධාවන අන්දමේ පුවත් පළ කිරීමේ චෝදනා යටතේ ඊයේ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසුවය.
ඔහුට විරුද්ධ චෝදනා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ අධිකරණයේ කටයුතුවලට බලපෑම් සහගත පුවතක් පළ කිරීම සහ පරිඝනක අපරාධ පනතේ 06 වගන්තිය යටතේ ගැනෙන රටේ පොදු යහපතට විරුද්ධව කටයුතු කිරිම යන කරුණු යටතේ මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා ගොනුකරන්නට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස්, ‘ලංකා නිව්ස්වෙබ් ටුඩේ’ වෙබ් අඩවියේ සංස්කාරකවරයා වේ.