Posted on 01.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සැකකරුවකු අධකරණයෙන් පළායාම සම්බන්ධව කල වාර්තාකරනයක් හේතුවෙන් මාධ්‍යවේදීනි රේඛා තරංගනී ඒරෙහිව වරෙන්තු නිකුත්කර අැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවද අැයට ඒ් සම්බන්ධ වරෙන්තුවක් නිකුත්කර නොමැති බව මොරටුව අධිකරණයේදී හෙලි විය.
ලංකාදීප මොරටුව වාර්තාකරිනියට එරෙහිව ඇති නඩුව මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ විභාගයට ගැනීමේදී මෙම ගැටලූ සහගත තත්වය සම්බන්ධව එම මාධ්‍යවේදිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුනු දක්වන ලදී. එනමුත් මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරමින් වරෙන්තු කිරීම පිළිබඳ විමසූ විට එසේ වරෙන්තුවක් නොමැති බවට මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය.
පසුව එම නඩුව මොරටුව අතිරේක මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න ඉදිරියේ විභාගයට ගැනීමට මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන් පසුව අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ ලංකාදීප වාර්තාකාරිනිය රු. 25,000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර මාර්තු 7 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මොරටුව අතිරේක මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කළේය.