Posted on 05.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසා තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ජනාධිපතිවරයාට පසුව දැනුම් දෙනු ඇත .
නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති සංජය රාජරත්නම් නාමය ජනාධිපති කාර්යාලය විසින් කතානායකවරයාට ඊයේ (6) බාරදෙනු ලැබීය .
නීතිපති ධූරයේ කටයුතු කරන දප්පුල ද ලිවේරා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිතයි.