Posted on 05.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවසර නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඩංගුවට ගෙන සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බවයි.
රැඳවුම් නියෝග යටතේ සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මැති සබයට කැඳවන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළ අවස්ථාවේදී සරත් වීරසේකර මේ බව පවසා තිබේ.
නමුත් නීතිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.
නීතිපතිවරයා එබව දැනුම් දී ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව ය.
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.