යහපාලන ආණ්ඩුවෙන් වංචා දූෂණ කළ බව වසර 4 පසු මෛත්‍රීට මතක් වෙලා

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ ඊයේ (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට පසුගිය සමයේ දූෂණ , වංචා සිදුවූ බව පිළිගැනීමට මතක් වී ඇත්තේ වසර හතරක් ඉක්මවා යාමෙන් පසුවයි.

Sithara Sajeewani :