40 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේදී දේශපාලකයන් වෙතින් සම්මානය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් කතාකරුවාගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් පිළිබද අදහසක් සමාජගත කිරීමට යොවුන් කලාකරුවන් දෙදෙනකු වන සුරීන් චාමිකර හා කසුන් චතුරංග සමත් වී තිබේ.
යොවුන් නාට්‍ය උළෙල සදහා සම්මාන ලබාදීමට නෙළුම් පොකුණ රගහලේ වේදිකාවට පැමිණි දුමින්ද දිසානායක හා උදය ගම්මන්පිල යන දෙදෙනාගෙන් සම්මාන ලබාගැනීමට ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට සම්මාන ප්‍රදානය සදහා එක්ව සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් හා වෙනත් නිලධාරියකුගෙන් ඔවුන් දෙදෙනා සම්මාන ලබා ගන්නා දර්ශන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැක ගත හැකි විය. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නිර්මාණකරණයේ යෙදෙන තමන්ට ජාතිවාදය අවුලුවාලන දේශපාලකයන්ගෙන් සම්මාන ගන්නට නොහැකි බවය.
යම් ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන කලාකරුවන් දුර්ලභ අවදියක මෙවැනි පිට කොන්ද ඇති කලාකරුවන් නව පරපුර තුළ දක්නට ලැබීම සම්බන්ධයෙන් රසික, සහෘද ජනයා සමාජ මාධ්‍ය ඔස්සේ සිය සතුට පළ කර තිබේ.