රත්ගම ප්‍රෙද්ශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකරන ව්‍යාපාරිකයන් දෙදෙනා නෙ ගිය බව අනාවරණය වී ඇති නිවස ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල විසින් අද(22) පරීක්ෂාවට ලක් කෙරිණි.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට පැමිණ ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂණයෙන් අනතුරුව එම ස්ථානයේ අපරාධය සම්බන්ධ සාක්ෂි ඇත්දැයි විමර්ශනය කිරීම ඔවුන් විසින් සිදුකරනු ඇත.
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රෂීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේළ කුමාර නැමැති තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා ජනවාරි මස 23 වැනිදා පොලිස් නිල ඇදුමින් සැරසුණු පුද්ගලයින් පිරිසත් විසින් පැහැරගෙන ගොස් තිබේ. පසුව එම පැහැරගැනීම පොලිස් නිලධාරින් විසින් සිදුකළ බව සහ එම දෙදෙනා මරා දමා ඇති බව නිර්ණාමික ලිපියකින් ඥාතින්ට දැනුම් දී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පත් රවි විජේගුණවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කරන ලදී.