Posted on 03.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය සභා නිලවරණය සඳහා ඉදිරිපත්වීමේදී අසාධාරණයක් සිදුව ඇති බවට වෛද්‍ය රයන් ජයලත් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය නිලවරණයේ කටයුතු සති දෙකකට අත්හිටුවන නියෝගයක් නිකුත් කර ඇත.
මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිත වෛද්‍ය සභා නිලවරණයට අදාළව ඡන්ද කටයුතු සූදානම් කිරීමේ හා තැපැල් ඡන්ද ඇතුළු සියලු කටයුතු මේ අනුව සති දෙකක් සඳහා අත්හිටුවනු ලබයි.
ඇල්පිටිය රෝහලේ සේවය කරන වෛද්‍ය රයන් ජයලත් වෛද්‍ය සභාව නිලවරණයට ඉදිරිපත්වීමේ අයදුම්පත භාරදීම අයදුම්කරුගේ අතින් භාරනොදීමේ පදනම තුළය. කෙසේවෙතත්, එවැනි කිසිදු කොන්දේසියක් නිලවරණ දැන්වීමේ හෝ වෛද්‍ය සභා පනතේ නොමැති තත්වයක් තුළ රයන් ජයලත් නිලවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමේ අරමුණින් අසාධාරණ ලෙස අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නුවන් බෝපගේ සහ චතුර වෙත්තසිංහ යන නිතිඥවරු අධිකරණයට කරුණු දක්වන ලදී.
මේ තත්වය තුළ රයන් ජයලත් සම්බන්ධ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ කරුණු විභාග කිරීම සඳහා අධිකරණය විසින් නිලවරණයට අදාළ සියලු පියවර ගැනීම් වළක්වමින් මාර්තු 16 දක්වා වාරණ නියෝගයක් ලබා දී ඇත.