Posted on 02.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වීම නිසා සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතු බව හ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
එම පහරදිම සිදු කළ ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝගකර ඇත.
මෙම පහර දීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය මගින් සහතික කර කෲර වධ හිංසාවලට ලක් නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට පත් කළ යුතු තීන්දුව ප්‍රකාශය පත් කරමින් විනිසුරු මඬුල්ල අවධාරනයකර ඇත.
ජනවාරි 12 මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන් 12 දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ පහර කෑ සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.