Posted on 05.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) කොරෝනා වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් රෝගයට ගොදුරු නොවෙතැයි නිශ්චිතව පැවසිය නොහැකි බව වසංගත රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ සුදත් සමරවීර පවසයි.
මේ වනවිට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් සති 12ක් තුළ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු බව තහවුරුව ඇති නමුත් පළමු මාත්‍රාව ගැනීමෙන් පසුවද ආසාදනය වීමේ තත්වයන් ඇති විය හැකි බව ඔහු පවසා ඇත. මේ වනවිට ලංකාවේදී එන්නත ලබාගත් අය අතුරින් 65%ක ආසාදන තත්වයන් දක්නට ලැබෙන බවද ඔහු පවසයි.
මේ වනවිට විශාල වශයෙන් ආසාදනය ව්‍යාප්ත වීමේ තත්වය පසුගිය උත්සව සමයේ නිදහස් හැසිරීම් නිසා බව පවසන විශේෂඥ වෛද්‍යවරයා එන්නත භාවිතයෙන් රෝගය ව්‍යාප්තවීම අවම කිරීමේ උථ්සාහයක් ඇති නමුත් රෝගය වැළැක්වීමේ සියලු ක්‍රම අවශ්‍ය බව අවධාරනය කරයි.
පසුගිය අප්‍රේල් මස 8වැනිදා වනවිට මෙරට නව ප්‍රභේදයක් ලෙස බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදයෙන් ඇති වූ වෛරස් කාණ්ඩයක් ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය අංශ ආණ්ඩුවට අනතුරු අගැවූ අතර රට වසා දමන ලෙසද ඉල්ලීමක් කරන ලදී. නමුත් ආණ්ඩුව කිසිදු ආරක්ෂක පියවරක් නොගෙන අවුරුදු සමය ගෙවී යන්නට හැරි අතර ඉන්පසුවද ආර්ථිකය වෙනුවෙන් රට වැසීමට නොහැකි බව අවධාරනය කර ඇත.
මේ හා සමාන්තරව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වසංගතය නිසා ආර්ථිකය අඩාල නොකර පවත්වා ගෙන යා යුතු බවත් වසංගතයට පිළියම් ඇත්තේ එන්නත තුළ බවත්ය. මේ අනුව, ජනාධිපතිවරයා එක්කෝ සෞඛ්‍ය අංශ කළ දැනුවත්කිරීම අවධානයට ගෙන නැත. නැතිනම් ආර්ථිකය පවත්වා ගෙන යාම පිණිස රට වසා නොදමමින් එන්නත් ගෙන්වීමක් කර නැති පසුබිමක එන්නත් ගැනම අවධානය යොමු කරමින් අසාර්ථක එන්නත් ක්‍රමය ජනතාව මත පටවමින් සිටී.