Posted on 04.27.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) ආණ්ඩුව විසින් මේ දක්වා කොළඹ නගර සභාව විසින් පාලනය කළ කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණයට අයත් වටිනා ඉඩම පවරා ගැනීම පිණිස අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
අංක 2224/52 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත. ඒ අනුව, කොල්ලුපිටිය පාර අංක 225, ශාන්ත මයිකල් පාරේ අංක 18,20, සෙරන්ඩිබ් මාවතේ අංක 28, අනගාරික ධර්මපාල මාවතේ අංක 13 යන පරිශ්‍රයන්හි ඉඩම් පවරා ගෙන ඇත.
කොළඹ නගරයේ ඉති වටිනා වාණිජ අගයක් සහිත ඉඩම් පවරා ගෙන පෞද්ගලික සමාගම්වලට විකුණා ආර්ථිකයේ අර්බුදයෙන් ගොඩ යාමේ අරමුණ ඇතිව ආණ්ඩුව තවදුරටත් මෙවැනි ඉඩම් පවරා ගනු ඇතැයි අපේක්ෂිතය.
මින් පෙර, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය යාබද යුද හමුදා මූළස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට පවරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ පාලනය බලයට පැමිණ කෙටි කලකින් ඊට යාබද තවත් අක්කර 3ක ඉඩමක් විදේශ සමාගමකට පවරා දෙන ලදී. මැනින් වෙළඳ සංකීර්ණය පෑළියගොඩ වෙත ගෙන යාමෙන් පසුව එම ඉඩම සමාගම් කිහිපයකට පවරා දෙන සැලැස්මක් ඇති බව අනාවරණය විය.
මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයට අයත් ඉඩම් මෙන්ම වැලිකඩ බන්ධනාගාරය පරිශ්‍රය ඉවතට ගෙන ගොස් එම ඉඩම්ද වානිජ වටිනාකම මත සමාම්වලට පැවරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී,