රුසියානු ගුවන් නිරීක්ෂණ යානයක් අතුරුදහන් වේ

සිරියානු ගුවන් සීමාව ආසන්නයේ තොරතුරු නීරීක්ෂණ කටයුතුවල නිරත රුසියානු ගුවන් හමුදාවට අයත් යානයක් ඊයේ අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.

මෙම යානයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනෙකු සිටින අතර එය එරට බුද්ධි අංශවලට සිරියානු තොරතුරු ලබා දීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතරතුර මෙසේ අතුරුදහනව් ඇති බව වාර්තාවේ.

ඊයේ දිනයේ ඊශ්‍රායලය විසින් සිරියානු ලටාකියා ප්‍රදේශයේ ඉලක්ක වෙත ගුවන් යානා හතරක් යොදාගෙන ප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවේ එම ප්‍රහාරයන් රුසියානු නිරීක්ෂණය යානා විසින් නීරීක්ෂණය කර තිබේ.

Madanayaka :