Posted on 08.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හිටි ගමන් ඉහළ යෑමෙන් ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම ධාරිතාවයට ඔරොත්තු නොදෙන තත්ත්වයක් නිර්මාණය වීම නිසා එම රෝහල්වල හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
බොහෝ රෝහල්වල කොවිඩ් ආසාදිතයන් සඳහා පහසුකම් සැලසීමට නොහැකි පවතින අතර කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්ව සිටින රෝගීන් සඳහා ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැතිවීම නිසා කොවිඩ් මරණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද දැරිය නොහැකි මට්ටමට රෝගීන් වැඩිවී තිබේ.
කොවිඩ් වාට්ටු පිරී ඉතිරී ගොස් තිබීම නිසා රෝගීන්ට රෝහල්වල කොරිඩෝවල බිම වැතිරී සිටිමින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබේ.
කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණ කළුබෝවිල රෝහල, කරාපිටිය, රත්නපුර, කෑගල්ල, රාගම වැනි රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.