ලංකාවේ දේශපාලකයන් 5ට පුටින්ගෙන් පදක්කම්!

පසුගිය වසරේ රුසියාවේ සෝචි නගරයේ පැවති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ උලෙලට සහභාගි වූ දේශපාලකයන් 5 දෙනකු තෝරා ඔවුන්ට පුටින් ජනාධිපතිවරයාගෙන් පදක්කම් පිරිනැමීමක් අද(11) කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු විය.
මෙසේ පුටින් පදක්කම් ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා, එ.ජ.නි.ස. මන්ත්‍රි දුමින්ද දිසානායක ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස,, කොමියුනිස්ට් පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ පුබුදු සමරවීර යන අයටය.
මෙම පදක්කමට අමතරව ඔවුන්ට ඩිප්ලෝමා සහතිකයක්ද පිරිනැමූ බව වාර්තා වේ.

Chandana Sirimalwatte :